2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්ය පිළිබඳ පනත යටතේ නියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ. තොරතුරු නිලධාරි නොමැතිව අවස්ථාවක දී විකල්ප තොරතුරු නිලධාරි වෙතින් තොරතුරු ලබා ගැනීමට හැකිය.
|
තොරතුරු නිලධාරියා |
|
|
තනතුර |
සහකාර ප්රාදේශීය ලේකම් |
|
ලිපිනය |
ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය, නියාගම, තල්ගස්වල. |
|
දුරකථන අංකය |
091 2296438 (Ext : 216) |
|
ෆැක්ස් |
0912296438 |
|
විද්යුත් තැපෑල |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
විකල්ප තොරතුරු නිලධාරියා ජී. පී. ඉංගිකා මිය |
|
|
තනතුර |
පරිපාලන නිලධාරී |
|
ලිපිනය |
ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය, නියාගම, තල්ගස්වල. |
|
දුරකථන අංකය |
091 2296438 (Ext : 205) |
|
ෆැක්ස් |
0912296438 |
|
විද්යුත් තැපෑල |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු ලබා ගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම යන කරුණු මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
|
නම් කළ නිලධාරියා ජී.පී.ඒ. තිලිණි මිය |
|
|
තනතුර |
ප්රාදේශීය ලේකම් |
|
ලිපිනය |
ප්රාදේශීය මහ ලේකම් කාර්යාලය, නියාගම, තල්ගස්වල. |
|
දුරකථන අංකය |
091 2296438 (Ext :201) |
|
ෆැක්ස් |
091 2296438 |
|
විද්යුත් තැපෑල |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්රය
තොරතුරු ඉල්ලීම භාරගත් බව දැන්වීම
තොරතුරු ඉල්ලීම ප්රතික්ශේප කිරීම
තොරතුරු ලබා දීමේ කාලය දීර්ඝ කිරීම
නම්කළ නිලධාරි වෙත යවන අභියාචනා අයදුම් පත්රය















