ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • දෛනික තැපෑල කළමනාකරණය.
  • පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරිම. (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන්ගේ)
  • නිලධාරීන්ගේ නිවාඩු සහ මාසික ඉදිරි වැඩසටහන් හා කළ වැඩසටහන් සම්බන්ධ කටයුතු.  ( ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇතුළුව)
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්ගේ ආයතනික කටයුතු. (සහකාර ප්‍රාදේශීය ලේකම්, ගණකාධිකාරී, , සංවර්ධන සම්බන්ධීකාරක, සංවර්ධන නිලධාරි, තාක්ෂණ නිලධාරී, තාක්ෂණ සහායක, රාජ්‍ය කළමනාකරණ සහකාර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහකාර, ග්‍රාම නිලධාරී, කා.සේ.සේ, රියදුරු)
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අග්‍ර‍හාර රක්ෂණය සම්බන්ධ කටයුතු.
  • දුම්රිය බලපත්‍ර‍ හා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර‍ නිකුත් කිරීමේ කටයුතු.
  • ශාලා වෙන් කිරීමේ කටයුතු.
  • බිල්පත් නිරවුල් කිරීම් කටයුතු. (ජල, විදුලි, දුරකථන, පුවත්පත්)
  • ආරක්ෂක සේවා සහ පිරිසිදු කිරීම් කටයුතු.
  • ප්‍රායෝගික පුහුණුලාභීන්ගේ කටයුතු.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යායේ නිලධාරීන්ගේ විනය කටයුතු.
  • වාර්ෂික ස්ථාන මාරුවීම් කටයුතු
  • රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම යටතේ ණය ගෙවීම් අනුමැතියට ඉදිරිපත් කිරිම.
  • වාහන පරිපාලනය.
  • අභ්‍යන්තර දුරකථන පද්ධතියේ නඩත්තු කටයුතු.
  • වාර්ෂික වැටුප් ඇස්තමේන්තු සකස් කිරිම.
  • අතිකාල දිමනා /දින වැටුප් අනුමැතියට ඉදිරිපත් කිරිම.
  • මහජන පැමිණිලි කළමනාකරණය.
  • අනුබද්ධිත අංශවල අධීක්ෂණ කටයුතු.
  • තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක කිරීම
  • උත්සව සංවිධාන කටයුතු.

ඉඩම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  • ඉඩම් කච්චේරි පැවැත්වීම.
  • රජයේ පොදු කටයුතු සදහා ඉඩම් පවරා ගැනීමට අදාළ රාජකාරී හා ඉඩම් අත්පත් කර ගැනීම.
  • දීමනා පත්‍ර සැකසීම.
  • දීමනා පත්‍ර ඇපයට තබා ණය මුදල් ලබා ගැනීමට අදාල රාජකාරී.
  • අනවසර නියමානුකූල කිරීම
  • බදු ආදායම් ලබා දිය හැකි සියළුම රජයේ ඉඩම් හදුනා ගැනීම.
  • නිසි පරිදි සියළු බදු මුදල් දීර්ඝ කාලීනව බදු/ වාර්ෂික බදු/ ඵලදා බදු/ වෙන්දේසි බදු අය කර ගැනීම හා අය නොවන්නේනම් ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය තීරණ ගැනීම.
  • රජයේ මිනින්දෝරු මගින් අවශ්‍ය පිඹුරු පත් සකස් කර ගැනීම.
  • ඉඩම් පරිහරණ තාක්ෂණික උපදෙස් ලබා දීම හා වැඩසටහන් පැවැත්වීම.
  • ඉඩම් පරිහරණ වාර්තා ලබා ගැනීම.
  • ඉඩම් ආරවුල් නිරවුල් කර ගැනීමට කටයුතු කිරීම.

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  • මුදල් භාර ගැනීම හා ගෙවීම් කිරීම.
  • නිලධාරීන්ගේ වැටුප් සකස් කිරීම
  • මිලදී ගැනීම් වලට අදාල ප්‍රසම්පාදන කටයුතු
  • විගණන විමසුම් සදහා පිළිතුරු සැපයීම.
  • ලැබෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • අග්‍රිම කළමනාකරණය හා අග්‍රිම ලෙජර පවත්වා ගෙන යාම.
  • සිගාස් වැඩසටහන යටතේ පරිගණකගත කිරීම හා චෙක්පත් නිකුත් කිරීම.
  • මධ්‍යම රජය හා පළාත් සභා යටතේ මුදල් පොත පවත්වාගෙන යාම.
  • රජයේ නිලධාරීනිගේ අත්තිකාරම් බී ගිණුම පවත්වාගෙන යාම.
  • නිල බැංකු ගිණුම් පවත්වාගෙන යාම.
  • වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.
  • වාහන පැවරීමේ කටයුතු
  • වාහන රක්ෂණය කිරීමේ කටයුතු
  • ගබඩාව පවත්වාගෙන යාම.
  • සිවිල් විශ්‍රාම වැටුප් හා වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවීම
  • විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම හා විශ්‍රාම වැටුප් වාර්තා ලබා දීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  • කොට්ඨාශය තුල විවාහ උප්පැන්න මරණ ලියාපදිංචි කිරීම
  • කොට්ඨාශයට අදාල විවාහ උප්පැන්න හා මරණ ලේඛණ සංරක්ෂණය
  • කාර්යාලය තුල විවාහ ලියාපදිංචිය
  • ගාලු දිස්ත්‍රික්කයට අයත් උප්පැන්න, විවාහ, මරණ ලේඛණ වලට අදාල සංශෝධන සිදු කිරීම
  • කල්ගතවූ උපත් හා කල්ගතවූ මරණ ලියාපදිංචිය

ආර්ථික සංවර්ධන  අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්
  • මධ්‍යම රජයේ හා රේඛීය අමාත්‍යාංශය යටතේ ඉදිරිපත් කරන සියලුම සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම.
  • විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • දකුණු පළාත් සභා සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
  • ග්‍රාම ශක්ති වැඩසටහන
  • පෝෂණ වැඩසටහන
  • නියාගම කොට්ඨාසයට අදාළ සියලුම කෘෂිකර්ම කටයුතු
  • පරිසර කටයුතු සම්බන්ධ රාජකාරී
  • සංවර්ධන දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා දත්ත ලබා දීම.
  • ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම සම්බන්ධ සියලුම කටයුතු
  • ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටුව සංවිධානය කිරීම සම්බන්ධ සියලුම කටයුතු
  • සම්පත් පැතිකඩ සැකසීම.
  • ක්‍රියාකාරී සැලැස්ම සැකසීම.
  • මෙහෙයුම් මැදිරිය සකස් කිරීම.
  • ග්‍රාම සංවර්ධනය සම්බන්ධ රාජකාරී
  • නිවාස සම්බන්ධ කටයුතු
  • සංඛ්‍යා ලේඛන කටයුතු
  • ඩෙංගු මර්ධන වැඩසටහන

සමෘද්ධි  අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්
  • අනිවාර්ය ඉතුරුම් ගෙවීම
  • සමාජ ආරක්ෂණ වැඩසටහන
  • සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන
  • දිරිය පියස නිවාස වැඩසටහන
  • සංස්කෘකික වැඩ සටහන් පැවැත්වීම
  • ළමා සමාජ වැඩ සටහන් පැවැත්වීම
  • මත් නිවාරණවැඩ සටහන් පැවැත්වීම
  • ජීවනෝපාය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • ව්‍යාපෘති පුහුණුවැඩ සටහන් පැවැත්වීම
  • ණයවැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
  • අරමුදල් ආයෝජන කටයුතු
  • නිලධාරීන් සම්බන්ධ ආයතන කටයුතු

 

News & Events

21
අප්‍රේ2020
උරුමය

උරුමය

 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා...

17
මාර්2020
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු...

Scroll To Top