අපගේ දැක්ම

" 2030 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රීතිමත්ම ජනතාව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බවට පත්වීම."

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට  අනුකූලව, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ මනා බැඳියාවකින් , උපරිම ඵලදායීතාවයකින් , ප්‍රදේශයේ  තිරසාර සංවර්ධනය සඳහා යොදා ගැනීම තුළින් ජන දිවිය නංවාලීම"

නියාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය

නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දකුණු  බෙන්තර වලල්ලාවිට කෝරළයේ පිහිටා ඇති සදාහරිත දේශගුණයක් සහිත මනරම් භූමි භාගයකින් සමන්විත වූ කලාපයකි.ග්‍රාමීය පරිසරයත් සහිත මෙම කොට්ඨාසයේ ජනතාව ගේ ජීවන රටාවන් අතර කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක් ගනී. තේ කුරුදු වගාවන්ට අමතරව කිතුල් කර්මාන්තයටද නියාගම කොට්ඨාසය වඩාත් ප්‍රචලිතය.අලංකාර කදු පංති පිරිසිදු ස්වාභාවික ජල මූලාශ බහුලව දක්නට  ඇති අතර කලුදිය පොකුණ ඊට කදිම උදාහරණයකි.සුද්දැල්ලෑව බලගල වානි ප්‍රදේශ අභ්‍යන්තර සංචාරනයටද ඉතා යෝග්‍යයයි.

ආයතනයේ විකාශනය

1992 දක්වා නිළ නිවාස ගොඩනැගිල්ලේ පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1992-03-07 වන දින විවෘත කරන ලද නව ගොඩනැගිල්ල වෙත ගෙන එන ලදි. මෙතැන් පටන් විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් අද පවත්නා තත්වය දක්වා මෙම කාර්යාලය දිනෙන් දින දියුණුව කරා පියමනිමින් සිටි.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

වර්ෂය

නිලධාරියාගේ නම

තනතුර

1972-1976

ජී.එච්.පුණ්‍යසිරි මයා

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

1976-1978

පී.ඩබ්.සෙනෙවිරත්න මයා

ප්‍රාදේශීය උප දිසාපති

1978-1981

පියදාස සමරසිංහ මයා

ප්‍රාදේශීය උප දිසාපති

1981-1982

අමරදාස වික්‍රමාරච්චි මයා

ප්‍රාදේශීය උප දිසාපති

1982-1983

කේ.ඒ. මුදලිගේ මයා

ප්‍රාදේශීය උප දිසාපති

1983-1986

විමලසිරි පෙරේරා මයා

ප්‍රාදේශීය උප දිසාපති

1986-1994

පියදාස මුදුගම මයා

ප්‍රාදේශීය මහ ලේකම්

1994-2002

ග.හේ.පියදාස මයා

ප්‍රාදේශීය මහ ලේකම්

2002-2009

කුලසේන සමරසිංහ මයා

ප්‍රාදේශීය මහ ලේකම්

2009-2011

කේ.පී.ජී.සුමිත් ශාන්ත මයා

ප්‍රාදේශීය මහ ලේකම්

2011-2013

රනිල් වික්‍රමසේකර මයා

ප්‍රාදේශීය මහ ලේකම්

2013 - 2017

එච්.බී.ජී.ප්‍රගීත් රසික කුමාර මයා

ප්‍රාදේශීය මහ ලේකම්

2017 -2019 ටී.ජී.ඩී. නිලංගි ඩයස් මිය ප්‍රාදේශීය මහ ලේකම්
2019 - 2021 කේ. චතුර මිහිදුම් මයා  ප්‍රාදේශීය මහ ලේකම්
2021- 2024 ටී.ජී.එස්. සජීවනි මිය ප්‍රාදේශීය මහ ලේකම්
2024-2025 උපුල් ප්‍රියංකර දහනායක මයා ප්‍රාදේශීය මහ ලේකම්
2025 ජුලි සිට මේ දක්වා  ජී.පී.ඒ. තිලිණි මිය ප්‍රාදේශීය මහ ලේකම්

News & Events

21
අප්‍රේ2020
උරුමය

උරුමය

 1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා...

17
මාර්2020
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව-නියාගම

නියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව,  කමිටු සභාපති  ගරු...

Scroll To Top